නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයෙකු අත්අඩංගුවට

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයෙකු අත්අඩංගුවට
  • SocialShare:

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඉහළ මැදගම ගමගේ පියසේන යන අය අද (20) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ෂන නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම කොමිෂන් සභාව නිවේදනය කරයි.

 බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහිරව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙස බලතල අයුතු ලෙස භාවිතා කරමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් සුළු සේවකයන් 134 දෙනෙකු බදවා ගැනීමේ දූෂණය නැමැති වරද සිදු කිරීම සහ විනය නියෝග මත ස්ථාන මාරුවීම් කර තිබු යාපනය තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකුගේ ස්ථානමාරුවිම අවස්ථා කිහිපයකදී කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරිමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කර අවලංගු කිරීමට කටයුතු කිරීම යන චෝදනා මොහුට හමුවේ මොහුව අත් අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.