“රටම එකට” මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට කැබිනට් අනුමැතිය

“රටම එකට” මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට කැබිනට් අනුමැතිය
  • SocialShare:

මෑත කාලීනව “ රටම එකට “ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමග ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සේවාවන් වෙත යොමු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් වැඩිවන ප්‍රතිකාර සේවාවන් සම්බන්ධ ඉල්ලුම සපුරාලීම සඳහා පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් නොවන බව හඳුනා ගනු ලැබ ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා ව්‍යුහගත ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවා පුළුල් කිරීමේ කඩිනම් අවශ්‍යතාව පැන නැගී තිබේ.ඊට පිළීයමක් ලෙස ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන පුද්ගලයන් වෙනුවෙන් කෙටි කාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කිරීමට සුදුසු , ඌණ උපයෝජිත රාජ්‍ය ගොඩනැගිලි පරිශ්‍ර 6ක් හඳුනාගෙන ඇති අතර , එම මධ්‍යස්ථාන රජයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරෙමින් පවතී.
ඒ අනුව යෝජිත කෙටි කාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 6ක් ස්ථාපිත කිරීමටත් ඒ සඳහා අවශ්‍ය කාර්යමණ්ඩලය බඳවා ගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.