2026 වසරේ 1 ශ්‍රේණි II හා III වාර සඳහා ක්‍රියාකාරකම් පොත් බෙදාහැරීම ඇරඹේ

2026 වසරේ 1 ශ්‍රේණි II හා III වාර සඳහා ක්‍රියාකාරකම් පොත් බෙදාහැරීම ඇරඹේ
  • SocialShare:

2026 වර්ෂයේ 1 ශ්‍රේණිය II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් 2026.04.30  දින වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම සහ ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

අවශ්‍ය  අමතර පුහුණු කිරීම් 2026.05.16 දින වන විට අවසන් කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇත.

1 ශ්‍රේණිය, I වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ  පාසල් පවතී නම් එළඹෙන II වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරනු ඇති බවද එහි වැඩි දුරටත් සඳහන් වේ.