පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) ක්‍රියාත්මක නොකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර මේ වන විට බිඳ වැටීම යථාවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවති.
ඒ අනුව , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරන බව එම දෙපාර්තමෙන්තුව පවසයි.


