ඉන්දීය උප ජනාධිපතිවරයා අනිද්දා දිවයිනට

ඉන්දීය උප ජනාධිපතිවරයා අනිද්දා දිවයිනට
  • SocialShare:

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා 19 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ මහතා සමග ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක්ද මෙම නිල සංචාරයට එක්වීමට නියමිතයි.
මෙම මස 19 සහ 20 යන දෙදින තුළ මෙරට රැඳී සිටින ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.
එසේම දිට්වා සුළි කුණාටුව සම්බන්ධ පුනරුත්ථාපන කටයුතු සහ සංවර්ධන සහයෝගීතාවයට අදාළ ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුම්වලටද එළඹීමට නියමිත බව විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.