පාකිස්ථානු නාවික යුද නෞකා දෙකක් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට

පාකිස්ථානු නාවික යුද නෞකා දෙකක් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට
  • SocialShare:
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර , එම නෞකාවන් ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්රදාය අනුව පිළිගෙන ඇත.
 
‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Niamat Saeed Khan කටයුතු කරන අතර, ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Nadir Mateen Afridi කටයුතු කරයි.
මෙම සංචාරය අතරතුර ශ්රී ලංකා නාවික හමුදාව සමඟ “LION STAR V” නමින් ද්විපාර්ශ්වික නාවික අභ්යාසයක්ද පැවැත්වීමට නියමිතය.