ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට
  • SocialShare:

2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් 21 සිට මැයි 08 දක්වා අදාළ විද්‍යාපීඨවලදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී පත් වී ඇති අයදුම්කරුවන්ගේ නාමලේඛන අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළකර ඇති බව ද සඳහන් වේ.

අදාළ අයදුම්කරුවන් තම සම්මුඛ පරීක්ෂණය පිළිබඳ විස්තර එම වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැක.