බටහිර ආසියාවේ තාවකාලික යුද විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඉදිරි සංවාදයන් ශ්‍රී ලංකාව අගය කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම යුද විරාමය එම ප්‍රදේශවල ආතතිය අඩු කිරීමට සහ ජනතාවගේ ජීවිත යහපත් කිරීම වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ. එම නිසා, සියලු පාර්ශවයන් මෙම අවස්ථාව භාවිත කර ස්ථිර සාමයක් සඳහා එකඟතාවයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාව එම රටවලට ආරාධනා කරයි.
එසේම මෙම එකඟතාවයට පැමිණීම වෙනුවෙන් දායක වූ සියලු පාර්ශවයන්ටද ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


