සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව, විධිමත්ව පවත්වා ගන්නේනම් අප රට කලාපීය සෞඛ්‍ය සේවා සඳහා විශ්වාසදායක ගමනාන්තයක් ලෙස ස්ථාන ගත කළ හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කළ අවස්ථාවේදී ය .
මහල් 14 කින් යුත් අතිනවීන පහසුකම් වලින් සමන්විතවන මෙම නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඇදන් ධාරිතාවය 125 කි. නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාර, රසායනාගාර, දැඩි සත්කාර ඒකක, වාට්ටු, ඇතුළු අංශ රැසකින් මෙම සංකීර්ණය සමන්විත ය.
අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත මෙම වාට්ටු සංකීර්ණය සදහා නයින්වෙල්ස් (Ninewells) රෝහලේ කළමණාකාරීත්වය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 6 කට ආසන්න වේ. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වර්ෂ තුනක් තුළ එනම් 2029 වර්ෂය අවසන් වීමට පෙර නිම කර ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නයින්වෙල්ස් රෝහලේ නව්‍ය පරිවර්ථනයක් සනිටුහන්කරන මෙම වැදගත් අවස්ථාවට එක්වීමට ලැබීම පිලිබදව සතුටට පත්වන බවත්, ඉදිකිරීම් ආරම්භ කරන නව වාට්ටු සංකීර්ණය රෝහල් ගමනේ අර්ථවත් පියවරක් සනිටුහන් කරන බව ද අවධාරණය කර සිටියේය.
2004 වර්ෂයේ දී ආරම්භකරන ලද නයින්වෙල්ස් රෝහල කාන්තා හා ළමා ප්‍රතිකාර සේවාවන් රැකවරණය තුළ ශක්තිමත් කීර්තියක් ගොඩනඟා ගෙන ඇති බව අවධාරණයකළ අමාත්‍යවරයා එය අදියරෙන් අදියර කාලයත් සමඟ වැඩිදියුණු කිරීම් ද සමඟින් අඛණ්ඩව වර්ධනය වී ඇති බවත් පැවසීය.
මෙවැනි ආයෝජනයන්, නව සංවර්ධනය අවස්ථාවන් මෙරට සෞඛ්‍ය සේවා අංශය කෙරෙහි ඇති විශ්වාසය වඩවඩාත් පිළිබිඹු කරන බව ද අවධාරණය කළ අමාත්‍යවරයා ශල්‍යකර්ම, හදිසි ප්‍රතිකාර සේවා, හෘද සත්කාර සේවා, පුනරුත්ථාපන සේවා ඇතුළු ක්ෂේත්‍රවලට ව්‍යාප්ත වීම ද වැදගත් පියවරක් බව ද පෙන්වා දෙන ලදී. එය රෝගී සත්කාර සඳහා පුළුල් හා වඩාත් ඒකාබද්ධ ප්‍රවේශයක් පෙන්නුම් කරන බවත්, එය සෞඛ්‍ය සේවවේ පිබිදීමක් බව ද සදහන් කර සිටියේය.
මෙරට ක්‍රියාත්මක මහජන සෞඛ්‍ය සේවාව අපගේ සෞඛ්‍ය පද්ධතියේ පදනමවන බවත්, මෙරට සෑම පුරවැසියෙකුටම සමානාත්මතාවය සහ ප්‍රවේශය සහතික කිරීම මහජන සෞඛ්‍ය සේවාවේ ශක්තිය වී ඇති බව ද සදහන්කළ අමාත්‍යවරයා වත්මන් රජයේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්භන්ධව කටයුතු කරන අප සැමගේම වගකීම වනුයේ එම සේවාව අඛණ්ඩව, ගුණාත්මකව,ශක්තිමත්ව වැඩි දියුණු කිරීම සහ නැගී එන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම බව ද සදහන්කර සිටියේය. පෞද්ගලික අංශයේද සහයෝගීතාවයෙන් මෙම උත්සාහයන් සපුරාලීමට, මෙන්ම ධාරිතාවයන් පුළුල් කිරීමට ද හැකියාව ලැබෙන බව ද පැවසීය.
මෙරට සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සදහා අවශ්‍යවන නව සැලසුම්,ක්‍රමවේදයන් පිළිබදවත් අවධාරණය කළ අමාත්‍යවරයා ගුණාත්මකභාවය, නවීන තාක්‍ෂණය ඇතුළු නව්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පෞද්ගලික අංශයේ රෝහල් තුළින් ද මේ සදහා දායකත්වය දැක්විය හැකි බවත් පෙන්වා දුන්නේය. මෙවැනි අගනා ව්‍යාපෘති ඒ සදහා කදිම නිදසුන් ලෙස ගෙනහැර දැක්විය හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
නයින්වෙල්ස් (Ninewells) රෝහල මෙරට පුද්ගලික අංශයේ මව් සහ ළමා සත්කාර සඳහා විශේෂිත ප්‍රමුඛ රෝහලකි. කොළඹ, නාරාහේන්පිට පිහිටා ඇති මෙම රෝහල මගින් කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පුළුල් පරාසයක වෛද්‍ය සේවාවන් සපයනු ලබයි.
මෙම අවස්ථාවට ඇක්සස් සමූහ ව්‍යාපාරයේ (Access Group) සභාපති සුමාල් පෙරේරා, නයින්වෙල්ස් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය තියාෂා ප්‍රනාන්දු, රෝහල් අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විභාෂ් පී. විජේරත්න යන මහත්ම මහත්මීන්, ඇක්සස් සමූහ ව්‍යාපාරය, නයින්වෙල්ස් රෝහල නියෝජනය කරමින් නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


