හලාවත වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 650 ක වාර්තාගත ලාභයක්

හලාවත වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 650 ක වාර්තාගත ලාභයක්
  • SocialShare:

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත හලාවත වැවිලි සමාගම 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරමින් රුපියල් මිලියන 650 ක බදු පෙර ලාභයක් ලබාගෙන ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.

2024 වසරේ රුපියල් මිලියන 219 ක් ලෙස වාර්තා වූ ලාභය 2025 වසරේදී තුන් ගුණයකට වැඩි වී තිබීමද විශේෂත්වයකි. එසේම සමාගම විසින් 2025 වසරේදී රුපියල් මිලියන 1594 ක වාර්තාගත ආදායමක්ද උපයා ඇත.

“එක්ව දිනමු – දිරිය අගයමු” යන තේමාව යටතේ සේවක කාර්යසාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානය කිරීමේ උත්සවය  පසුගියදා (10) හලාවත Mikayla Resort පරිශ්‍රයේදී පැවැත්විය.

සමාගම ලැබූ ලාභයෙන් රුපියල් මිලියන 137 ක මුදලක් සේවක ප්‍රසාද දීමනා සඳහා වෙන් කර ඇති අතර ඒ අනුව සේවකයින් 535 දෙනෙකු වෙත ප්‍රසාද දීමනා ප්‍රදානය කර තිබේ. එක් කම්කරු සේවකයෙකුට රුපියල් 176,900 දක්වා උපරිම දිරි දීමනාවක් ලබා දීමද මෙහි විශේෂත්වයකි.