පාසල තුළින් බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණෙන් 'සුරකිමු ලංකා පාසල් බලශක්ති සුරක්ෂිත වැඩසටහන' හඳුන්වාදීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
එම වැඩසටහන හෙට(09) දිවයිනේ සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ, මෙරට පාසල් පද්ධතිය තුළ බලශක්ති භාවිතය කාර්යක්ෂම කරමින්, බලශක්ති සුරක්ෂිතතාව සහ පාරිසරික තිරසරභාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමිනි.
ඒ සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ගෙන තිබේ.
ඒ අනුව පළමු වාරය අවසානයේ පාසල් නිවාඩු ලබාදීමට ප්‍රථම අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුය.
එම දිනය ප්‍රායෝගිකව අපහසු වන අවස්ථාවකදී සුදුසු දිනයක් ඒ සඳහා යොදා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට හා පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත


