ගිනි ගැනීම් වාර්තා කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන අංකය අමතන්න

ගිනි ගැනීම් වාර්තා කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන අංකය අමතන්න
  • SocialShare:

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් දුරකථන අංකය මේ වනවිට තාවකාලිකව අක්‍රියව පවතින බැවින් නාගරික හෝ නාගරික නොවන ඕනෑම ගිනි ගැනීමක් පිළිබඳව වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) 117 හදිසි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (11) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සහ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ බව සඳහන් කළේය.

නාගරික මෙන්ම නාගරික නොවන ප්‍රදේශවල සිදුවන සියලුම ගිනි ගැනීම් පිළිබඳව කඩිනමින් 117 අංකය අමතා දැනුම් දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැය 24 පුරාම සේවයේ නිරත වන බවත් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඕනෑම අවස්ථාවක සේවාව ලබාගත හැකි බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.