තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීමේ ජාතික වැඩසටහන" යටතේ, මීගමුව ආසනයෙන් ක්‍රීඩා උපකරණ ඉල්ලුම් කරන ලද පාසල් 04ක් සඳහා උස පැනීමේ මෙට්‍රස් ඇතුළු අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ බෙදා දීම ඊයේ (09) සාර්ථකව සිදු කෙරිණි.
මෙම වැඩසටහන යටතේ කටාන සාන්ත ජෝසප් කනිෂ්ඨ විද්‍යාලය, කොච්චිකඩේ ක්‍රිස්තු රාජ මහා විද්‍යාලය, මීගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලය සහ මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලය යන පාසල් සඳහා මෙම ක්‍රීඩා උපකරණ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත පරිත්‍යාග කරනු ලැබීය. පාසල් මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෙම ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ නිල අවස්ථාවන් සඳහා කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි නිශානි ජයකොඩි මහත්මිය, මීගමුව නාගරික මන්ත්‍රීවරුන් වන රොහාන් අතුකෝරාල මහතා සහ රොනී ප්‍රශාන්ත මහතා මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ඩී. ලක්මිණි මහත්මිය ද සහභාගී වූහ. තවද අදාළ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, ක්‍රීඩා නිලධාරීන් සහ සිසු සිසුවියන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


