පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ජලය කළමනාකරණය කරමින් බෙදාහැරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.
අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක සාමාන්‍යාධිකාරී ලලිත් විජේසිංහ මහතා සඳහන් කළේ, දැනට ජල නිෂ්පාදනය සඳහා භාවිතා කරන ගංගා සහ ජලාශවල ජල මට්ටම් නියඟ තත්ත්වය හේතුවෙන් පහළ ගොස් ඇති බවයි.
දිනකට ඝණ මීටර් මිලියන 2.5කට ආසන්න ජල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර එයින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතට ලබාදෙන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, වියළි කාලගුණය හේතුවෙන් බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට සීමිත ලෙස ජලය බෙදාහැරීම මේ වනවිටත් සිදුකරන බවත්, ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට අවදානමක් ඇති විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.


