රුපියල් කෝටි 25.5ක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 25.5ක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙකු කටුනායකදී අත්අඩංගුවට
  • SocialShare:
රුපියල් විසිපන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා “කුෂ්” මත්ද්රව්ය තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ශ්රී ලාංකික ගුවන් මගියෙකු අද (02) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් පුද්ගලයා රාගම ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි යතුරු පැදි සයිලන්සර් අළුත්වැඩියා කිරීමේ කාර්මිකයෙකු බව රේගු නිලධාරීන් සඳහන් කළේය.
ඔහු අද (02) දින පස්වරු 12.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රීලන්කන් ගුවන් සේවයට අයත් UL-403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එම ගුවන් මගියා රැගෙන ආ ගමන් මලු හතරක් තුළ තිබූ යතුරු පැදි සයිලන්සර් 16ක් ඇතුළත “කුෂ්” මත්ද්රව්ය කිලෝග්රෑම් 25 ග්රෑම් 500ක් සඟවාගෙන පැමිණ තිබූ බව රේගු නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
මෙම මත්ද්රව්ය තොගය සහ සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.