ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම සහ සුවිශේෂී අපනයන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට අපනයන සංවර්ධනය මණ්ඩලය කැපවී සිටින බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.
ඒ සඳහා අපනයන ක්ෂේත්‍රයට බලපාන ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සහ එහි ගැටලු සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත් වුණු අතර එම සාකච්ඡාවට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.
අපනයන ආර්ථිකයට සෘජුවම දායක විවිධ ක්ෂේත්‍ර නියෝජිතයින් – ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, සමුද්‍රීය කර්මාන්ත, ඖෂධ, පිඟන් මැටි, රබර්, තාක්ෂණික සේවා ආදිය – සහභාගී වී, විශ්වාසදායක සහ ප්‍රමුඛතා පදනමක ඉන්ධන සැපයුම් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ. එස්. ද එස්. රාජකරුණා මහතාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව සංවිධානරය කර තිබුණි.


