රාජ්‍ය සේවයේ ප්‍රියමනාපභාවය සහ ජනතා සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ආයතන මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
රාජ්‍ය සේවා ලබාගැනීම සඳහා ආයතන වෙත පැමිණෙන ජනතාවට සුහදශීලීව, ප්‍රියමනාපව සහ කරුණාවෙන් කතා කිරීම, සිනහමුසු මුහුණෙන් පිළිගැනීම සහ යම් කාර්යයක් ඉටු කළ නොහැකි අවස්ථාවල ඒ පිළිබඳ පැහැදිලි ලෙස දැනුම් දීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (01) සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කටයුතු පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා ප්‍රාදේශීය දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාල 52ක් ස්ථාපිත කර ඇති අතර, ඉදිරියේදී එම සංඛ්‍යාව 80 දක්වා වැඩි කිරීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව බවද මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාවේදී ආයතනය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර, හිමිකම් ලියාපදිංචි කිරීමේදී පවතින ගැටලු, නෛතික සහ ප්‍රතිපත්තිමය අභියෝග, මානව සම්පත් සම්බන්ධ ගැටලු මෙන්ම යටිතල පහසුකම් සහ තාක්ෂණික බාධා පිළිබඳවද අවධානය යොමු කෙරිණි.


