All Stories

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික සාකච්ඡා ඇරඹේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡාව, ‘ඉසුරුපාය’ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණ.

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික සාකච්ඡා ඇරඹේ

සියලුම ජනවර්ගවල සංස්කෘතීන් සැමරීම සඳහා විශේෂ දිනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ජනවර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් නම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 සියලුම ජනවර්ගවල සංස්කෘතීන්  සැමරීම සඳහා විශේෂ දිනයක්

සෞඛ්‍ය අමාත්‍යවරයා ජීවනී නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක


“අඛණ්ඩ ‘ජීවනී’ සැපයුමක් වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමට නව යන්ත්‍රසූත්‍ර ස්ථාපිත කර නිෂ්පාදන ධාරිතාවය කාර්යක්ෂම කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසිය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වළක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමට කටයුතුකරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පාලන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
ජීවනී නිෂ්පාදන වෙළඳපළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාල නිලධාරින්ට උපදෙස් ලබා දෙනලදී
මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජීවනී නිෂ්පාදන බෙදාහැරීමේ යම් දුර්වලතාවයක් වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත වාර්තා වීමත් සමග අමාත්‍යවරයා පුර්ව දැනුම් දීමකින් තොරව කරුණු විමසීම සදහා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යවරයා ජීවනී නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක

"ක්ලීන් ශ්‍රී ලංකා" (Clean Sri Lanka) වැඩසටහන පාසලට

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අපේක්ෂිත අරමුණු පාසල් පද්ධතිය කරා ගෙන යාමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඊයේ (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන ජී. එම්. ආර්. ඩී අපෝන්සු, එච්. එම්. කේ. ජේ. බී. ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාන්ගේ මූලිකත්වයෙන් ඇරඹි එම වැඩසටහන සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරන්ත මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.

"ක්ලීන් ශ්‍රී ලංකා" (Clean Sri Lanka) වැඩසටහන පාසලට

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි

අපොස සාමාන්‍ය පෙල විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට  අයදුම්පත් කැඳවයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානය

මහජනතාවට සේවා සහපයන මෝටර්රථ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය යොදා ගනිමින් වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ,ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අවධානය යොමුවී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානය

ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රදේශ කිහිපයකට වැසි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් හසන් අමීර් (Hassan Amir) නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය අගමැතිනියගේ සභාපතිත්වයෙන් රැස්වෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම එහි සභාපති අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ඊයේ(30) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය අගමැතිනියගේ සභාපතිත්වයෙන් රැස්වෙයි
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.