අධික උෂ්ණත්වය හා ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පවත්වාගෙන යාමට විශේෂ උපදෙස් මාලාවක්

අධික උෂ්ණත්වය හා ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පවත්වාගෙන යාමට විශේෂ උපදෙස් මාලාවක්
  • SocialShare:

පවතින වියළි කාලගුණික තත්ත්වය  සහ උද්ගතව ඇති ලෝක ඉන්ධන අර්බුදය හමුවේ පාසල්වල දෛනික පරිපාලන කටයුතු සහ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් සහ නිර්දේශ මාලාවක් නිකුත් කර ඇති බව  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

මාර්තු 12 සහ 17 යන දිනයන්හි දී නිකුත් කර නිර්දේශ හා උපදෙස් මාලාවන් සියලුම පාසල්වලින් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නිර්දේශ අනුව, මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල්වල සිසුන් එළිමහන් ක්‍රියාකාරකම් සඳහා යොදා නොගැනීමට සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, විශේෂයෙන් දිනපතා ශාරීරික පුහුණු හා ක්‍රීඩා ක්‍රියාකාරකම් සීමා කිරීමටත් අවශ්‍ය පියවර ගත යුතු බවද සඳහන් වේ.

විදුලි බලය හා ඉන්ධන භාවිතය අවම කිරීම, අවශ්‍යතාවය අනුව පන්ති කාලසටහන් සකස් කිරීම, සහ විකල්ප ක්‍රමවේදයන් යොදාගනිමින් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව පාසල් පරිපාලනවලට උපදෙස් ලබා දී ඇත.

එම නිර්දේශ හා උපදෙස් මාලාව පහතින් දැක්වේ.

පවතින අධික උෂ්නත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක් රියා කල යුතු ආකාරය පිළිබඳ නිර්දේශ 1

පවතින අධික උෂ්නත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක් රියා කල යුතු ආකාරය පිළිබඳ නිර්දේශ 2