සංඥා භාෂාව විශ්ව භාෂාවක් බවත් ලෝකයේ සියලු දෙනාට සංඥා භාෂාව ප්‍රගුණ කිරීමට හැකියාව ඇත්නම් වෙනත් ශබ්ධ භාෂාවන් කිහිපයක් ප්‍රගුණ කිරීමට වඩා එය පහසු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේය.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය සේවකයන් සඳහා වන සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සේවක මහත්ම මහත්මීන් සඳහා සහතිකපත් ප්‍රධානය අද පෙරවරුවේ අමාත්‍යංශ පරිශ්‍රෙය්දී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
එහිදී අදහස් දැක්වමින් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ ශ්‍රවණාබාධ සහිත තැනැත්තන් සඳහා රාජ්‍ය ආයතන මගින් කාර්යක්ෂම හා සඵලදායී සේවාවක් සැපයීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් බවයි.
එමෙන්ම 2026 වර්ෂයේදී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස මෙම පුහුණු පාඨමාලාව පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
ආබාධ සහිත පුද්ගලයන් ආර්ථික හා සමාජීය වශයෙන් තෘප්තිමත් හා ඔවුන්ට සමානව සලකන අන්තර්කරණය වූ සමාජයක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ජය ගැනීම සඳහා මෙම වැඩසටහන ඉවහල් වන බවද අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේය.
මෙම වස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරෂාණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්‍රම ආරච්චි මහත්මිය, අතිරේක ලේකම් ( පාලන ) රාධා නානායක්කාර මහත්මිය, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


