ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතයට නව මාර්ගෝපදේශ මාලාවක්

ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතයට නව මාර්ගෝපදේශ මාලාවක්
  • SocialShare:

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන්  මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සදහන් කරයි.

සියලුම රාජ්‍ය ආයතනවල සහ ව්‍යස්ථාපිත ආයතනවල ප.ව 3.00ට සියලුම වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කළ යුතු බවත් පෞද්ගලික අංශයෙන්ද මේ අකාරයෙන් කටයුතු කරන ලෙසත් එහි සඳහන් වේ.

ප.ව 8.00න් පසු වෙළඳ දැන්විම් ප්‍රචාරණය සදහා විවිධ ස්ථානවල සවිකර ඇති විදුලි ආලෝක පුවරු,තිර නිවා දැමිය යුතු බවත් පළාත්පාලන ආයතනවලින් පාලනය වන විදි  ලාම්පු ප.ව 6.00 – 10.00 අතර කාලය තුළදී නිවා දැමීමට විශේෂ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කළ යුතු බවත් එම මාර්ගගෝපදේශ මාලාවේ දැක්වේ.

පුද්ගලයන් 100ට වැඩි සහභාගීත්වයෙන් පවත්වනු ලබන කුමන ආකාරයේ උත්සව, සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන පැවැත්වීමට කටයුතු කරන ලෙසද එහි වැඩි දුරටත් සඳහන් වේ.