ඉන්ධන තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් කොළඹ වරායට පැමි‌ණේ

ඉන්ධන තොගයක්  රැගත් ඉන්දීය නෞකාවක් කොළඹ වරායට පැමි‌ණේ
  • SocialShare:

ඉන්ධන මෙට්‍රික් ටොන් 36,000ක තොගයක් රැගත් හරි අනන්ඩ් (Hari Anand) ඉන්දීය නෞකාව අද ( 29) කොළඹ වරායේ ඩොල්පින් ජැටියට ළඟා වූ බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

එම ඉන්ධන තොගයේ ඩීසල් මෙට්‍රික්ටොන් 18,000ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් අඩංගු වේ.
එසේම එම නෞකාවෙන් රැගෙන ආ ඉන්ධන කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණයට සම්ප්‍රේෂණය කිරීමේ කටයුතු මේ විට ආරම්භ කර ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.