පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මාර්තු 23, 24, 26 දිනවල එක්දින සේවයෙන් හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ අය සඳහා හෙට (30) විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක කෙරේ. අවශ්‍ය ලේඛන සමඟ අදාළ කාර්යාල වෙත පැමිණ හැඳුනුම්පත් ලබාගත හැක.
මාර්තු 31 සිට සුපුරුදු එක්දින සේවාව නැවත ආරම්භ වන අතර, සාමාන්‍ය සේවාව අප්‍රේල් 06 සිට පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම නිවේදනය පහත දැක් වේ.



