වර්තමානයේ මැදපෙරදිග උද්ගතව ඇති යුධමය වාතාවරණය හමුවේ බලශක්තිය ඵලදායීව සහ සිහිනුවණින් භාවිතා කිරීමට සියලුදෙනා එක්වියයුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
ඊයේ (30) Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“Mindful Consumption” ක්‍රමයට බලශක්තිය ඵලදායීව සහ සිහිනුවණින් භාවිතා කිරීමට ජනතාව එක්විය යුතු බවද ඒ් මහතා පැවසීය.
ඉදිරියේ ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට කල්තියා සූදානම් විය යුතු බවද හෙතෙම සඳහන් කළේය. බලශක්තිය අවම කරමින් නමුත් වසරේ සිදු කිරීමට නියමිත සියලු සංවර්ධන ව්‍යාපෘති කල් නොදමා ඉටු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
2026 වසර සඳහා වෙන්කළ රු. මිලියන 2,500ක කාර්ය සාධන පදනම් ප්‍රාග්ධන ප්‍රදාන යටතේ ආදායම් උත්පාදන ව්‍යාපෘති, ජාතික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සහ කුඩා පාලම් ව්‍යාපෘති ආදී සංවර්ධන ව්‍යාපෘති අදාල කාල සීමාවේදී සම්පූර්ණ කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


