ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක් පිහිටුවීමට පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
වරලත් ජනමාධ්‍ය වෘත්තියවේදීන් බිහි කිරීමේ සහ මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා නිපුණතාවයෙන් යුතු විද්වත් මාධ්‍ය වෘත්තීයවේදීන් පිරිසක් බිහි කිරීමේ අරමුණෙන් අදාළ අධ්‍යයනයන් සිදුකිරීමට පුහුණු ආයතනයක අවශ්‍යතාවය මතුව ඇත.
2025.04.07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය හිමි විය.


