ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගත් රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට මාස 06ක කාලයක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ සඳහා අදාළ අනුමැතිය 2025 ජූලි 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාදී ඇති බව සඳහන් වේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආගාමික හා විගාමික පනත යටතේ අවශ්‍ය නීති කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබේ.
එම කෙටුම්පත් නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සහ සංචාරක කර්මාන්තයේ වර්ධනයට දායක වීම අරමුණ කරගෙන තිබේ.


