බලශක්තිය ඉතිරි කරගැනීම වෙනුවෙන් සවස 6සිට රාත්‍රී 10 දක්වා වීථි ලාම්පු නිවාදැමීම සිදු කිරීම සම්බන්ධයෙන් පොලීසිය සමග සාකච්ඡා කර අදාළ පළාත් පාලන ආයතන ඊට සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගත යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
අපරාධ බහුලව සිදුවන ප්‍රදේශ, හදිසි අනතුරු සිදු වන ප්‍රදේශ වැනි විශේෂ තත්වයන් පවතින ස්ථානවල මෙලෙස වීථි ලාම්පු අක්‍රිය කළ නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා ඒ පිළිබඳව පොලීසිය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිදු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
මේ වන විට කොළඹ මහනගර සභාවේ වීථි ලාම්පු 12,000ක් තිබෙන බවත් ඉන් ලාම්පු 2000ක් නිවා දැමීමට කටයුතු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම රාජ්‍ය ආයතනවල පස්වරු 3.00 ට වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමට උපදෙස් ලබා දී ඇති බව පවසන ඒ මහතා පෞද්ගලික ආයතනවලින්ද එම ඉල්ලීම සිදු කරන බව එහිදී පැවසීය.තවද රාත්‍රී කාලයේ එළිමහනේ සිදු කරන උත්සවවලදී ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන ඒ සඳහා විකල්ප ක්‍රම භාවිත ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය


