රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතරදී

රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතරදී
  • SocialShare:

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය අනුශාසනා අනුව මෙම උත්සවය මාතර දිස්ත්‍රික්කය තුළ තිහගොඩ ප්‍රදේශයේ පිහිටි මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය “අභිත්ථරෙථ කල්‍යාණේ” (පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු) යන තේමාව යටතේ සංවිධානය කිරීමටද තීරණය කර ඇත.

ඒ අනුව 2026 මැයි 27 දින සිට ජුනි 02 දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම කාලසීමාව තුළ දිවයින පුරා විවිධ බෞද්ධ ආගමික වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.

මෙම යෝජනාව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.