දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය තවත් ශක්තිමත් කිරීම සහ අපනයනකරුවන්ට සහන ලබාදීම සඳහා බදු සංශෝධන හඳුන්වා දීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඊයේ (30) පැවති සාකච්ඡාවකදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය මගින් හඳුන්වා දීමට නියමිත නව ආනයන හා අපනයන බදු ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කර ඇත. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයේ පවතින බාධා අවම කරමින් එය තවත් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තරඟකාරීත්වය වැඩි කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.
රජය විසින් යෝජනා කර ඇති මෙම පියවර හරහා අපනයනකරුවන්ට වැඩි පහසුකම් සැලසීමත් සමඟ, රටට විදේශ විනිමය ආදායම ඉහළ යාමට ද අපේක්ෂා කෙරේ.
මෙම සාකච්ඡාවට හර්ෂණ සූරියප්පෙරුම මහතා, ගුණදාස අමරසිංහ මහතා සහ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා ඇතුළු නිලධාරීන් සහ අපනයනකරුවන් සහභාගී වූහ.


