ගැඹුරු මුහුදේ විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැකකරන උර තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

ගැඹුරු මුහුදේ විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය  බවට සැකකරන උර තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
  • SocialShare:

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාළු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී එම යාත්‍රාව සමඟ සිටි සැකකරුවන් හයදෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.