අප්‍රේල් 02 වෙනිදා සිට දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ යම් වෙනසක් ඇති විය හැකි බව කාලගුණ අංශය පවසයි. ඒ අතර දිවයින පුරා පවතින උණුසුම් කාලගුණය තවදුරටත් පවතිනු ඇති බවද සඳහන් වේ.
කාලගුණ අනාවැකිය අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් කරයි.
එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවද වාර්තා වේ.
කාලගුණ අංශය තවදුරටත් පෙන්වා දෙන්නේ මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවයි.
තවද ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින්, එමගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


