බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නොමිලේ විදුලි බල්බ බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (13) ඌව පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
ඌමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ වැලිමඩ, ඌවපරණගම සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට වන්දි චෙක්පත් ප්රදානය කිරීම අද(12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 (2026) රාජ්‍ය වෙසක් උත්සවය, මාතර - තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත අතර එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පසුගියදා (05) පැවත්විණි.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන ඊයේ (03) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ වෙත 2025 වර්ෂයේ දී බස්නාහිර පළාත් සභාවට අයත් ප්‍රතිපාදන යටතේ මිල දී ගනු ලැබූ ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පසුගිය දා සිදු කෙරිණි.
දිට්වා ආපදාවෙන් පූර්ණ හානියට පත්ව අවතැන් වූ මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 11කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබීම පසුගියදා (30) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඌව පළාතේ පාසල් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ලොවට හඳුන්වා දීමේ අරමුණින් ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ “The First Book 2025” වැඩසටහනේ සම්මාන ප්රදානෝත්සවය සහ පොත් එළිදැක්වීමේ උත්සවය ඊයේ (28) පැවැත්විණි.
දිට්වා ආපදාව හේතුවෙන් නිවාස පූර්ණයෙන් හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි පුද්ගලයින් 44 දෙනෙකුට ඉඩම් ඔප්පු දීමනා පත් ප්රදානය කිරීම පසුගියදා (24)මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා සහභාගී විය.
“දිට්ටා” සුළි කුණාටුවෙන් හානියට පත් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23කට නිවාස ඉදිකිරීම සඳහා රජය මඟින් ලබාදෙන ආධාර මුදල් චෙක්පත් ප්රදානය කිරීම ඊයේ (23) ඌව පළාත් සභාවේදී සිදු කෙරිණි.
"April Blooms - 2026" වසන්ත මල් දැක්මේ සමාරම්භක උත්සවය ඊයේ (17) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ සහභාගිත්වයෙන් වික්ටෝරියා උද්‍යානයේදී පැවැත්විණි.
මධ්‍යසාර සහ විෂ මත්ද්‍රව්‍ය වර්ග 08ක් භාවිතා කළ පුද්ගලයන් හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටල 150ක් මධ්‍යම පළාතේ තෝරාගත් පොලිස් ස්ථාන වෙත පසුගියදා (16) බෙදාහැරීම සිදු කෙරුණි.


