“දිට්ටා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්‌ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කෙරේ

“දිට්ටා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්‌ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කෙරේ
  • SocialShare:

“දිට්ටා” සුළි කුණාටුවෙන් හානියට පත් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23කට නිවාස ඉදිකිරීම සඳහා රජය මඟින් ලබාදෙන ආධාර මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම ඊයේ (23) ඌව පළාත් සභාවේදී සිදු කෙරිණි.

එහි පළමු අදියර යටතේ සම්පූර්ණ හානියට පත්වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් සහ අර්ධ හානියට පත්වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් අදාළ පවුල් වෙත චෙක්පත් ප්‍රදානය ඊයේ සිදු කෙරුණි.

මෙම වැඩසටහන යටතේ සම්පූර්ණයෙන් හානියට පත්වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් සහ අර්ධ හානියට පත්වූ නිවාස සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදල් ප්‍රදානය කෙරේ.

මෙම අවස්ථාවට බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා, බදුල්ල ප්‍රාදේශීය සභා සභාපති පාලිත ජයවර්ධන මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, බදුල්ල ප්‍රාදේශීය ලේකම් තුෂාරි අනුරාධා නානායක්කාර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.