"April Blooms - 2026" වසන්ත මල් දැක්මේ සමාරම්භක උත්සවය ඊයේ (17) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ සහභාගිත්වයෙන් වික්ටෝරියා උද්‍යානයේදී පැවැත්විණි.
නුවරඑළිය වසන්ත සැණකෙළියට සමගාමිව මෙය සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට නුවරඑළිය මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහතා ඇතුලු නාගරික මන්ත්‍රී මණ්ඩලය, පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය, නුවරඑළිය මහා නගර සභාවේ නාගරික කොමසාරිස්තුමා, නිලධාරින් ඇතුළු කාර්යය මණ්ඩලය සහභාගී වුහ.


