මධ්‍යසාර සහ විෂ මත්ද්‍රව්‍ය වර්ග 08ක් භාවිතා කළ පුද්ගලයන් හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටල 150ක් මධ්‍යම පළාතේ තෝරාගත් පොලිස් ස්ථාන වෙත පසුගියදා (16) බෙදාහැරීම සිදු කෙරුණි.
මෙම කට්ටල තොගය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා ඩෙල්මේජ් ෆෝර්සයිත් සමූහය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකොන් මහතා වෙත පරිත්‍යාග කර ඇති අතර, මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විසින් එය භාර ගන්නා ලදී.
මෙම පරීක්ෂණ කට්ටල මගින් මධ්‍යසාර සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග 08ක් භාවිතා කර ඇත්දැයි ක්ෂණිකව හඳුනාගැනීමේ හැකියාව පවති. ඒ අනුව, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ කමිටු සාමාජික සහ බස්නාහිර පළාත් කාර්ය සාධක බලකායේ කැඳවුම්කරු ආචාර්ය සන්ජේ පෙරේරා මහතා, ඩෙල්මේජ් ෆෝර්සයිත් සමූහයේ නියෝජිතයන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය සහ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් සම්පත් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


