ඌමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ වැලිමඩ, ඌවපරණගම සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට වන්දි චෙක්පත් ප්‍රදානය කිරීම අද(12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට ඉඩම් අත්කර ගැනීම හේතුවෙන් වගා ඉඩම් අහිමි වූ හාලි ඇළ, වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ගොවි පවුල් 276 ක් සඳහා උමා ඔය පහළ නිම්නයෙන් කෘෂිකාර්මික ඉඩම් ලබා දීමට 2012-06-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදී අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, එලෙස හදුනාගෙන තිබූ ඉඩම් වැඩි ප්‍රමාණයක් අනවසරකරුවන් විසින් අල්ලා ගැනීම, දැඩි වන ගහණය, වන අලි තර්ජනය, මුල් පදිංචි ප්‍රදේශ වලින් දුරස්ථව පිහිටීම සහ වෙනත් පරිසර හා සමාජ විෂමතාවන්ට හැඩ ගැසීමේ දුෂ්කරතා පැවතීම නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වී නොමැත.
එබැවින්, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය මත පදනම්ව, එකී ගොවි පවුල් 276 සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂ 12 බැගින් වූ තක්සේරු ගත වන්දි මුදලක් ගෙවීම පිණිස කෘෂිකර්ම, ඉඩම සහ වාරිමාර්ග කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත්කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ඒ් අනුව කැබිනට් අනුකමිටුව විසින් ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මෙම තීරණ ගෙන ඇත.,
මෙම අවස්ථාවට, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරතන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


