ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව “අග්‍රා” ශ්‍රවණාගාරය විවෘත කෙරේ

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව “අග්‍රා” ශ්‍රවණාගාරය විවෘත කෙරේ
  • SocialShare:
ගම්පහ දිස්ත්රික්කයේ විශාලතම සහ සියලු නවීන පහසුකම්වලින් සමන්විත “අග්රා” නව ශ්රවණාගාරය අද (15) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
රුපියල් මිලියන 700ක වියදමින් ඉදිකර ඇති මෙම ශ්රවණාගාරය ආසන 1000කින්, අති නවීන ශබ්ද හා ආලෝක පද්ධතිවලින්, ශ්රව්ය දෘශ්ය සහ භාෂා පරිවර්තන පහසුකම්වලින් මෙන්ම අංශක 360 සයික්ලොරාමා තිරයකින් ද සමන්විත වේ.
 
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය චන්දන අබයරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට රාජ්ය නිලධාරීන්, කලාකරුවන් සහ ගම්පහ දිස්ත්රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ