කෑගල්ල – බුලත්කොහුපිටිය – කරවනැල්ල මාර්ගය සංවර්ධනය ඇරඹේ

කෑගල්ල – බුලත්කොහුපිටිය – කරවනැල්ල මාර්ගය සංවර්ධනය ඇරඹේ
  • SocialShare:

කෑගල්ල – බුලත්කොහුපිටිය – කරවනැල්ල මාර්ගයේ කිලෝමීටර් 19 ක මුළු කොටස සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා (14) පරිසර අමාත්‍ය දම්මික පටබැදි හතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙහි පළමු අදියර සඳහා රුපියල් මිලියන 269.8 ක් වෙන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ගයේ කිලෝමීටර් 3.2 ක කොටසක් (කිලෝමීටර් 32+000 සිට 35+200 දක්වා)  කාපට් අතුරා සංවර්ධනය කිරීම, නායයෑම් ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, අස්ථාවර ස්ථානවල ආරක්ෂිත බැම්ම ඉදිකිරීම සහ ජලපවාහන පද්ධති සංවර්ධනය කිරීමට නියමිතය