ඌව පළාත් දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඇගයූ“The First Book 2025" උළෙල බදුල්ලේදී

ඌව පළාත් දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඇගයූ“The First Book 2025" උළෙල බදුල්ලේදී
  • SocialShare:

ඌව පළාතේ පාසල් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ලොවට හඳුන්වා දීමේ අරමුණින් ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ “The First Book 2025” වැඩසටහනේ සම්මාන ප්‍රදානෝත්සවය සහ පොත් එළිදැක්වීමේ උත්සවය ඊයේ (28) පැවැත්විණි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රිවිධ භාෂාවන් ඔස්සේ කාව්‍ය, නවකතා, කෙටිකතා, ළමා කතා, ත්‍රාසජනක කතා, විද්‍යා ප්‍රබන්ධ සහ නාට්‍ය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි තම නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කළ දරු දැරියන් රැසක් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

ඌව පළාතේ නිර්මාණකරුවන් 830 දෙනෙකු විසින් ඉදිරිපත් කළ නිර්මාණ 816ක් සම්මානයට පාත්‍ර වූ අතර, එම අතරින් තෝරාගත් විශිෂ්ටතම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කෘති 53ක් Clean Sri Lanka ව්‍යාපෘතියේ පූර්ණ මැදිහත්වීමෙන් මුද්‍රණය කර එළිදැක්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.