All Stories

'දිට්වා' ව්‍යසනයෙන් හානියට පත් කිඹුල්වාන මාර්ගය රුපියල් මිලියන 175.8කින් කඩිනමින් ප්‍රතිසංස්කරණයට

'දිට්වා' ව්‍යසනය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගයේ කිඹුල්වාන වැව මැදින් දිවෙන කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පැවසීය.

'දිට්වා' ව්‍යසනයෙන් හානියට පත් කිඹුල්වාන මාර්ගය රුපියල් මිලියන 175.8කින් කඩිනමින් ප්‍රතිසංස්කරණයට

මහියංගණයේ “දිට්වා” ආපදා නිවාස ව්‍යපෘතිය අවසන් අදියරට

‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක නව නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් සාර්ථකව අවසන් කෙරෙමින් පවති.

මහියංගණයේ “දිට්වා” ආපදා නිවාස ව්‍යපෘතිය අවසන් අදියරට

බදුල්ල සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමේ මධ්‍යකාලීන සංවර්ධන සැලැස්මක්

බදුල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සංචාරක සැලැස්මක අවශ්‍යතාවය හඳුනාගනිමින් සංචාරක ආකර්ෂණීය දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන කලාප දහයක් මේ වන විට තෝරාගෙන ඇති බවත්, පාරසරික දේශගුණික සංවේදී කලාප ලෙසින්, සංචාරකයින්ට වඩාත් උචිත අත්දැකීම් සපිරි සංචාරක කලාප ලෙස සංවර්ධනය වෙනුවෙන් මධ්‍යකාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවත් පළාත් සංචාරක දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

බදුල්ල සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමේ මධ්‍යකාලීන සංවර්ධන සැලැස්මක්

රුපියල් ලක්ෂ 1,227කින් තල්දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ ඇරඹේ

බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා පෙර කිසිදු රජයක් යටතේ නොලැබුණු මට්ටමේ ප්‍රතිපාදන මෙවර වෙන් කර ඇති බව ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

රුපියල් ලක්ෂ 1,227කින් තල්දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ ඇරඹේ

වවුනියාවේ පෙරියකට්ටු ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

වවුනියාව දිස්ත්රික්කයේ වෙංගලසෙට්ටිකුලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරියකට්ටු ග්රාම නිලධාරී වසමේ ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ අරමුණින් ඉදිකළ පෙරියකට්ටු ප්රජා ජල සම්පාදන ව්යාපෘතිය පසුගියදා(17) ජනතා අයිතියට පත් කෙරිණි.
වවුනියාවේ පෙරියකට්ටු ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

වවුනියාවේ විදුලි ගැටලු විසඳීමට විශේෂ අවධානය

යුද්ධය අවසන් වී වසර 18ක් ගතවී තිබුණද තවමත් විදුලි පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් දහසකට ආසන්න සංඛ්‍යාවකට කඩිනමින් විදුලි සැපයුම ලබාදීම සඳහා රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

වවුනියාවේ විදුලි ගැටලු විසඳීමට විශේෂ අවධානය