මහියංගණයේ “දිට්වා” ආපදා නිවාස ව්‍යපෘතිය අවසන් අදියරට

මහියංගණයේ “දිට්වා” ආපදා නිවාස ව්‍යපෘතිය අවසන් අදියරට
  • SocialShare:

‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක නව නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් සාර්ථකව අවසන් කෙරෙමින් පවති.

පසුගිය අප්‍රේල් 30 වැනිදා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.

මෙහි පළමු අදියර යටතේ රජය රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබු අතර නිවාස පූර්ණයෙන් හානියට පත් වූ පවුල් 11ක් සඳහා නව නිවාස 11ක් ඉදිකිරීම ආරම්භ කෙරිණි.

ව්‍යාපෘතිය ආරම්භ කර මාස තුනකටත් අඩු කාලයක් තුළ පළමු අදියරේ නිවාස 11හි ඉදිකිරීම් වහල මට්ටම දක්වා සාර්ථකව අවසන් කර ඇත.

මේ වනවිට එම භූමියේම තවත් නව නිවාස 5ක ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ඒ අනුව සමස්ත නිවාස 16ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කෙ‍ෙර්.

දෙවැනි අදියර සඳහා අවශ්‍ය මීළඟ මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු වහාම ඉතිරි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියලු සූදානම් කර ඇති අතර ආපදාවෙන් නිවාස අහිමි වූ ජනතාවට කඩිනමින් සුරක්ෂිත හා ස්ථිර නිවාස ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.