මාතර නගර සභා සීමාවේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

මාතර නගර සභා සීමාවේ ඩෙංගු මර්දන මෙහෙයුමක්
  • SocialShare:

ඩෙංගු උවදුරින් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව සුරක්ෂිත කිරීමේ ඉලක්කය පෙරදැරිව "සුවපත් පවුර" ඩෙංගු මර්දන මෙහෙයුමෙහි තවත් අදියරක් ඊයේ (11) මාතර නගර සභා සීමාවේ අවදානම්ව පවතින සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ මගපෙන්වීම මත, මාතර මහනගර සභාවේ නගරාධිපති නීතිඥ ජයන්ත පතිරණ මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන්, නගර සභා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන අද දවස පුරා සංවිධානය කර තිබුණි.

මෙම මෙහෙයුම මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාව ඇතුළු සියලුම ප්‍රාදේශීය සභාවල ශ්‍රම බලකායේත්, යුද හමුදාවේ නිලධාරීන්ගේත්, පොලිසියේ නිලධාරීන්ගේත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේත්, සහභාගිත්වයෙන් සාර්ථකව දියත් විය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නාගරික හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද, දේශපාලන අධිකාරියද, නගරයේ ජනතාවර එක්ව මාතර නගරයේ සියලූම කානු පද්ධති පිරිසිදු කරමින්ද, අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කරමින්ද, ජනතාව දැනුවත් කිරීම් කරමින්ද මෙම වැඩසටහන සාර්ථකව නිමා විය.