"ඉවුරු යා කරන – ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද(14) ආරම්භ කරන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන "පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ "ඉවුරු යා කරන – ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද (14) ආරම්භ කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සංවර්ධනය කළ යුතු ග්‍රාමීය පාලම් 881ක් හඳුනාගෙන ඇති අතර, එය සිව් අවුරුදු සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා 2026 අයවැයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කර ඇත.
පළමු අදියර යටතේ රුපියල් මිලියන 1,050ක වියදමින් ග්‍රාමීය පාලම් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කෙරෙන අතර, එහි පළමු පියවර ලෙස පාලම් 38ක ඉදිකිරීම් අද දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආරම්භ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ග්‍රාමීය ජනතාවගේ දෛනික ගමනාගමනය සහ භාණ්ඩ ප්‍රවාහනයේදී මුහුණපාන දුෂ්කරතා අවම කරමින් ප්‍රදේශීය ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වීමයි.
ප්‍රධාන සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පැවැත්වෙන අතර, සමගාමීව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ තවත් සමාරම්භක උත්සවයක් ද පැවැත්වීමට නියමිතය.


