බදුල්ලේ රාජ්‍ය මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහනක්

බදුල්ලේ රාජ්‍ය මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහනක්
  • SocialShare:

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතනවල මාධ්‍ය ඒකක සවිබල ගැන්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ මාධ්‍ය පුහුණු වැඩසටහනක් ඊයේ (16) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ප්‍රාදේශීය සංවර්ධන තොරතුරු නව මාධ්‍ය ඔස්සේ වේගවත්ව, නිවැරදිව හා කාර්යක්ෂමව ජනතාව වෙත ගෙන යාම පිළිබඳව මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරිණි.

ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අධ්‍යක්ෂ (මාධ්‍ය හා තොරතුරු) ගිහාන් බුද්ධික වීරසිංහ මහතා ඇතුළු සම්පත්දායකයන් විසින් මාධ්‍ය භාවිතය, සමාජ මාධ්‍ය කළමනාකරණය සහ රාජ්‍ය තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කිරීම පිළිබඳ දේශන පැවැත්වූහ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතනවල මාධ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.