'දිට්වා' ව්‍යසනය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගයේ කිඹුල්වාන වැව මැදින් දිවෙන කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පැවසීය.
'දිඨිවා' ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කිඹුල්වාන වැව මැදින් දිවෙන මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරිණි. ඒ සඳහා රුපියල් මිලියන 175.8ක ඇස්තමේන්තුගත මුදලක් වෙන් කර ඇත.
ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මාර්ගය හානියට පත්වීම හේතුවෙන් මැල්සිරිපුර සහ කුඹුක්වැව අතර ගමන් කරන ජනතාවගේ දෛනික ගමනාගමනය මෙන්ම ප්‍රදේශයේ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනයද දැඩි ලෙස අඩාල වූ බවයි.
මෙම ආයෝජනය හරහා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පමණක් නොව, ජනතාවගේ දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආරක්ෂිත ගමනාගමන පහසුකම් යළි ස්ථාපිත කිරීම අරමුණු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නියමිත කාලසීමාව තුළ උසස් ප්‍රමිතියකින් යුතුව ව්‍යාපෘතිය අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිලිප් චන්ද්‍රසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනතාවගේ ද විශාල උනන්දුවක් දක්නට ලැබිණි.


