මේ වන විට වික්ටෝරියා වේල්ල කැඩි යන බවට අසත්‍ය ප්‍රචාරයක් ජනතාව අතර පැතිර යන බව වික්ටෝරියා විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ජි.ඩි.අයි ශාන්ත මහතා පවසයි.

මේ වන විට වික්ටෝරියා වේල්ල කැඩි යන බවට අසත්‍ය ප්‍රචාරයක් ජනතාව අතර පැතිර යන බව වික්ටෝරියා විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ජි.ඩි.අයි ශාන්ත මහතා පවසයි.
මේ වන විට රට මුහුණ දෙන ව්‍යසනය හමුවේ විපතට පත් ජනතාව වෙනුවෙන් විදෙස් රටවල්, රජයයන්, සංවිධාන සහ පුද්ගලයන් ලෙස මුල්‍යාධාර සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීමට දැඩි උනන්දුවක් පෙන්නුම් කරන අතර, ජනතාවට එම සහන පහසුවෙන් සහ ඉක්මණින් නිෂ්කාශනය කිරීමේ කඩිනම් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (29) පැවැත්විණි.
අයහපත් කාලගුණ තත්ත්වය තුළ දිවයින පුරා මහජනතාව ආපදාවන්ට පත්ව ඇති අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදුකර ඇති බවට වන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්ව ඇති දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ රජය සහ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගම් අතර සාකච්ඡාවක් අද (29) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී පැවැත්විණි.
රට පුරා පැතිර යන ගංවතුර ආපදා තත්ත්වය හමුවේ, සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු වහාම යොමු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ධීවර ක්ෂේත්‍රයේ දායකත්වය සම්බන්ධීකරණය කිරීමේ අරමුණින්, ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) දින හදිසි සාකච්ඡාවක් පැවැත්විණි.
අවතැන් වී සිටින සහ ආපදාවට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයාබලා කඩිනමින් පහසුකම් සලසා දෙන්න
හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වන ජනතාවට හා ආපදා අවදානම හේතුවෙන් පදිංචි වාසස්ථානවලින් ඉවත් කරන ජනතාවට සහන සැළසීම හා හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම සිදු කෙරේ.
දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහය දක්වන බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.
මහවැලි ගඟ ආශ්‍රිතව පහත්බිම්වල පවතින මහ ගංවතුර තත්වය අධි ගංවතුර තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 25 තුළ පවුල් 102,877 කට අයත් පුද්ගලයින් 373,428 ක් පීඩාවට පත් ව ඇති බවත් පුද්ගලයින් 123දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 130 අතුරුදහන් වී ඇති බවට වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( මාධ්‍ය) ජානක හඳුන්පතිරාජ මහතා පවසයි.
හදිසි ඇමතුම් අංකයක් ද හඳුන්වාදෙයි.
ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු මේ වනවිට විවෘතකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
රට පුරා අයහපත් කාලගුණික තත්ත්වයන් අඛණ්ඩව පැවතුනද, යුද්ධ හමුදා භටපිරිස් මොණරාගල දිස්ත්‍රික්කයේ ආපදා සහන මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.