All Stories

මහ ගංවතුර තත්වය තවදුරටත් පවතිනවා - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පෙරවරු 9.00 ට නිකුත් කළ වාර්තාවට අනුව කැලණි ගඟ ආශ්‍රිත හංවැල්ල , ග්ලෙන්කෝස් ප්‍රදේශවල තවදුරටත් ගංවතුර තත්වය පවතින බවත් නාගලම්වීදියට සුළු ගංවතුර තත්වයක් සහ කිතුල්ගල ප්‍රදේශය අවධානයෙන් පසුවන ලෙසත් දන්වා තිබේ.

මහ ගංවතුර තත්වය තවදුරටත් පවතිනවා - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

මහඔය පහත් බ්මවල ජනතාව ඉක්මනින් ඉවත් වන්න

ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවල උපරිම ජල මට්ටම්වලට ළඟා වී ඇති බැවින් දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම , පන්නල, දංකෙටුව ,නාරම්මල ,මීගමුව, වෙන්නප්පුව ප්‍රදේශවල ජනතාව වහාම ඉවත්වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අපදා කළමණාකරන;ණ ඒකකයේ අධ්‍යක්ෂ , ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

මහඔය පහත් බ්මවල ජනතාව ඉක්මනින් ඉවත් වන්න

විදේශිකයින්ගේ වීසා ගැටලු සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පහසුකම් රැසක්

පවතින ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශීය සංචාරකයින්ගේ වීසා බලපත්‍ර ගැටලු සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදේශිකයින්ගේ වීසා ගැටලු සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පහසුකම් රැසක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ පිළිබඳ පැතිර යන කටකතා අසත්‍යයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවල ජල කාන්දුවීම් පවතින බවට පැතිරෙන කටතකා අසත්‍ය බව එම දෙපාර්මේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ පිළිබඳ පැතිර යන  කටකතා අසත්‍යයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

මහ ඔය ද්‍රෝණීයට අධි අවදානම් ගංවතුර තත්වයක්- වහා ඉවත් වන්න

ඉදිරි පැය 24 ක කාලය තුළ මහ ඔය ද්‍රෝණීය පහළ ප්‍රදේශවලට අධි අවදානම් ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහ ඔය ද්‍රෝණීයට අධි අවදානම් ගංවතුර තත්වයක්- වහා ඉවත් වන්න

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින  ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් (2025.11.29) අද දින අළුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා විය.

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට