ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මේ මොහොතේ සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.
මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය (OPD) මහජනතාව සඳහා අද (දෙසැ.01) යලිත් විවෘත වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාර සේවා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.
දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන්ට තම රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට 2025.11.25 දින සිට 2025.12.25 දින දක්වා සහන කාලයක් ලබා දී ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යයය බවද එම රෝහල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
දිත්වා සුළි කුණාටවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනක් මානුෂීය ආධාර වශයෙන් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ආපදා තත්ත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීමට රාජ්‍ය - පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වු ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමව සිටින පිරිමි හා කාන්තා රැඳවියන්ගේ 2025 දෙසැම්බර් 01 වන දින දිවා ආහාරය සඳහා යොදා ගන්නා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.
ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ ක්ෂණික ක්ෂේත්රගත රෝහල් පද්ධති දෙකක් , ඒවාට අවශ්‍ය ඖෂධ , වෛද්‍ය උපකරණ සහ එම රෝහල් වල වැඩකටයුතු පුහුණු කිරීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් ද රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලු විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන සියල්ලෙහි සියලු අධ්‍යයන කටයුතු 2025 දෙසැම්බර් 8 වන දින දක්වා අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.