ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) යන මහත්වරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (04) පෙරවරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින දිගුකාලීන මානුෂීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා විය. දිට්වා සුළිකුණාටුවෙන් පසුව රජය ගෙන යන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට සමගාමීව සිදු කෙරෙන පුනරුත්ථාපන කටයුතු සම්බන්ධව මෙන්ම, 2025 දෙසැම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය ආවරණය වන පරිදි ප්‍රකාශයට පත් කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්මේ (Humanitarian Priorities Plan - HPP) ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් වන අසාම් බාකීර් මාකර් (Azam Bakeer Marker, වගීෂ පෙරේරා, TCMNRT Cooray යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


