All Stories

අ.පො.ස උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයකින් තොරව කල් දමයි

අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව  විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය.

අ.පො.ස උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයකින් තොරව කල් දමයි

ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානය යොමු කරන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක

අධික වැසි තත්ත්වය පහව ගියද තවදුරටත්, මධ්‍යම කඳුකරයේ  විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු ජලය ටිකෙන් ටික පහළට ගමන් කරන බැවින්, ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානය යොමු කරන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්‍ෂිතතා මධ්‍යස්ථාන සහ ආපදා ස්ථාන නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පුද්ගලයින් රැඳී සිටින සුරක්‍ෂිත මධ්‍යස්ථාන හා එම මධ්‍යස්ථානවල සුබසාධනය ක්‍රියාමාර්ග සොයාබැලීම සඳහා මෙන්ම, ආපදා ප්‍රතිචාර ක්‍රියාමාර්ග සොයාබැලීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කය පුරා නිරීක්‍ෂණ චාරිකා කිහිපයක නිරත වූයේය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්‍ෂිතතා මධ්‍යස්ථාන සහ  ආපදා ස්ථාන නිරීක්‍ෂණය කරයි

අවතැන්වූවන්ට වියළි ආහාර සඳහා ලබා දුන් මුදල වැඩි කර තිබෙනවා

වියළි ආහාර ද්‍රව්‍ය සඳහා තනි පුද්ගලයෙක්ට සතියකට ලබා දුන් රුපියල් 1800ක මුදල රුපියල් 2100 දක්වාත්, පුද්ගලයන් පස්දෙනෙකු සිටින පවුලකට සතියකට ලබා දුන් රුපියල් 3,600ක මුදල රුපියල් 10,500 දක්වාත් වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

අවතැන්වූවන්ට වියළි ආහාර සඳහා ලබා දුන් මුදල වැඩි කර තිබෙනවා

අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට පැමිණෙන්න එපා - ශ්‍රි ලංකා පොලිසිය

දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරිම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට පැමිණෙන්න එපා - ශ්‍රි ලංකා පොලිසිය